බකමූණ හීරටියේ පුණ්‍යවර්ධනාරාමාධිපති අලකොලමඩ ධර්මරතන හිමියන් ඝාතනය කළැයි කියන තරුණයන් සිව්දෙනෙක් අරලගංවිල දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. හාමුදුරුවන්ගෙන් රුපියල් 100,000 ක් ඉල්ලා නොදුන් නිසා හාමුදුරුවන් මරා ඇතැයි ද එහෙත් පන්සලේ තිබී ඇත්තේ රුපියල් 2200.00 ක් පමණක් බව ද පොලිසිය කියයි.
ඝාතනය හෙළිකැරගත හැකි වූයේ පොලිස් බල්ලකුගේ ඉව නිසාය.

