බකමුණේ ගොවීහු පාරට බසති


(ක.ග කරුණාරත්න)
 
මෙවර මාස් කන්නයේ වී වගාව සඳහා තම කුඹුරු වලට මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා දෙන ලෙස ඉල්ලා ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීහු අද (15) බකමුණ නගරයේදී උද්ඝෝෂණයෙක නිරත වූහ.

පසුගිය කන්න ගණනාවක්ම තම කුඹුරු පුරන්වී මූලික ජීවනෝපාය වන වී ගොවිතැන ඇණ හිටි බව එම ගොවීහු කියා සිටිති.

වාරි මාර්ග බලධාරීහු ඇතුළු අදාළ බලධාරීන් ඇලහැර ව්‍යාපාරයේ කුඹුරුවලට ජලය ලබාදීම ප්‍රමාද කිරීම නිසා මෙවර මාස් කන්නයේ ද තමන්ට වී ගොවිතැන අහිමි වන තත්ත්වයක් උද්ගතවී තිබෙන බවද ගොවීහු කීහ.

ගොවි ජනතාව 1500 කට අධික පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිනු දක්නට ලැබිණි.