බංගලි හිමිවරු ඇල්පිටියේ


බංගලාදේශයේ  චිතගොංහි  බෞද්ධ භික්ෂුන් වහන්සේ කිහිප නමක් දකුණේ පන්සල්වල වාසය කරති.

ඇල්පිටියේ  තලගස්පේ  කැටැන්දොල  ශ්‍රී බෝධි රාජාරාමයේ  බංගලිදේශ භික්ෂුන් වහන්සේලා පස් නමක් පමණක්  වැඩ සිටිති.

අමුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ ප්‍රධාන දායකත්වයෙන් පාලනය වන කැටන්දොල ශ්‍රී බෝධිරාජාරාමයේ විහාරාධිකාරී  ලෙස  බංගලාදේශ භික්ෂූන් වහන්සේ නමක් වන  උපනන්ද  හිමි  වසර හතක් තිස්සේ සිටිති.

උන් වහන්සේ කියා සිටියේ  වසර හතක් පුරා කැටන්දොල  ගලාන්ඩුකන්ද ගෝනාපාමුල දෙනිය,බෝංගොඩ ,පන්විලහේන,උඩෝවිට යන ගම් වල වෙසෙන දෙසීයකට අධික බෞද්ධ සැදැහැවතුන්  වෙනුවෙන්  තමන් වහන්සේ ඇතුළු  අනිකුත් බංගලාදේශ ජාතික භික්ෂුන් වහන්සේලාගේ  ධර්ම ප්‍රචාරක කටයුතු බණ දහම් දේශනා ඇතුළු  අනිකුත් දහම් කටයුතු වෙනුවෙන් හා විහාරස්ථානයේ  දියුණුව වෙනුවෙන් සියළු කටයුතු කරන බවයි.

උපනන්ද හිමියන්ට  අමතරව  බංගලාදේශ ජාතික  හිමිවරුන් වන සුභරත්න,සුප්‍රිය පියනන්ද හා නාරද  යන හිමිවරු මෙහි වාසය කරති.