ව්‍යාජ ගුවන්ගමන් බලපත් සහ වීසා භාවිතා කරමින් ශ්‍රී ලාංකාවේ සිට මලයාසියාව බලා යාමට උත්සහ කළ බංගලිදේශ ජාතික තරුණයෝ හය දෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඉදිරි පියවර ගැනීම සඳහා ගුවන්තොටුපොළ ආගමන විගමන අංශයට බාර දෙනු ලැබ සිටිති.
මොවුහු පසුගිය පහලොස්වෙනිදා බංගලිදේශයේ සිට මෙරටට පැමිණ ඇති බව කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත. එම අවස්ථාවේ මෙම කණ්ඩායම මෙරටට ඇතුලූ වීම සඳහා ඔවුන්ගේ වලංගු ගුවන් ගමන් බලපත් හා වීසා ගුවන්තොටුපොළ ආගමන විගමන අංශයට පෙන්වා තිබේ.
පසුව ඔවුහු මීගමුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන දින කිහිපයක් මෙරට ගත කොට මලයාසියානු ජාතිකයින් හය දෙනෙකුගේ ගුවන් ගමන් බලපත් සහ වීසා රැගෙන මලයාසියාව බලා යාමට යළි ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ අත් අඩංගුවට ගෙන ඇත.

