ප‍්‍රබුදි - රුක්‍ෂිකා - ජයත්මා කනිෂ්ඨ ටෙනිස් ශූරතා දිනති
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය මෙහෙයවන සමස්ත ලංකා කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ (‘සී’ ශ්‍රේණිය) ටෙනිස් තරගාවලියේ බාලිකා කේවළ ඉසව්වල ශූරතා දිනා ගැනීමට මීගමුවේ ප‍්‍රබුදි පෙරේරා, කොළඹ රුක්‍ෂිකා විජේසුරිය සහ ජයත්මා නාවරගොඩගෙදර සමත්වුහ. ප‍්‍රබුදි පෙරේරා විසින් නිම්මි බර්නැඩිට් (9-2) පරදවා වයස 10 න් පහළ බාලිකා ශූරතාව දිනා ගන්නා ලද අතර වයස 12 න් පහළ (බාලිකා) අවසන් තරගයේදී රුක්‍ෂිකා විජේසුරිය විසින් ප‍්‍රබුදි පෙරේරා (6-0, 6-2) ද පරාජය කරන ලදී. එහිදීඒ. බණ්ඩාර තරග වට 2-1 කින් පරදවා ජයත්මා නාවරගොඩගෙදර වයස 14 න් පහළ (බාලිකා) ශූරතාව දිනා ගත්තාය. මෙම තරග මාතලේ ටෙනිස් සංගම් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.

