ප‍්‍රංශ පොලිසියටත් බැරිවේ.


ප‍්‍රංශයේ තුලූස්හි යුදෙව් පාසලක ගුරුවරකු සහ ඔහුගේ දරුවන් තිදෙනා වෙඩි තබා මරා දැමූ  මිනිමරුවකු පණිපිටින් අල්ලා ගැනීමට  ප‍්‍රංශ පොලිසිය අසමත් විය. මොහොමඞ් මෙයාර් (23) නම් මිනීමරුවා සැගවී සිටි ගොඩනැගිල්ල වැටලූ  පොලීසිය එහි පදිංචිකරුවන් ඉවත් කළේය. හෙලිකොප්ටර්, ට‍්‍රක්, ලොරි, ජිප්, කාර්, ගිලන් රථ, මෝටර් සයිකල්  සහ දහසක්  පමණ ආරක්‍ෂක භටයෝ ගොඩනැගිල්ල වට කළහ. පැය 32ක් ගොඩනැගිල්ලේ නාන කාමරයක සැඟවී සිටි ඔහු  පොලිසියට වෙඩි තබමින් ජනේලයකින් එළියට පැන්නේය. පොලිසියේ වෙඩි  පහරටද ලක්වූ ඔහු  මරුමුවට පත්විය.මාර්තු 19 මෙය සිදුවිය. ලොව  පුහුණු හා දක්‍ෂතම පොලිසියක් වුවත් තනි මිනිසකු පණ පිටින් අල්ලා ගැනීමට නොහැකි විය.