(රංජන් කස්තුරි)
රටපුරා සේවය කරන විශේෂඥ වෛද්‍යවරු අද (3) දවස පුරා පෞද්ගලික වෛද්‍ය සේවයෙන් වැළකී සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූහ.
පෞද්ගලික රෝහල් හා වෛද්‍ය සේවා ස්ථාන වලින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණි රෝගීන්ට සේවය ලබා ගත නොහැකි වූ අතර ඇතැම් රෝගීන් පෞද්ගලික රෝහල් වලට කලින් ගෙවා තිබූ මුදල් නැවත ආපසු ගෙනා තිබිණි.
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගේ සියයට 24 ආදායම් බද්ද පෙර තිබූ පරිදි සියයට 12 දක්වා අඩු කරන ලෙස බලකරමින් විශේෂඥ වෛද්‍යවරු එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙහි නිරත වූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ