පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තව ඕනෑ - සිවාජලිංගම්


ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය යැයි ද, එක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කළ යුතු යැයි ද උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා පැවසීය.
 
ඔහු මේ බව ප්‍රකාශ කළේ සයිටම් ගැටළුවට විසඳුම් ඉදිරිපත් කිරීමට පත් කර ඇතැයි මහජන විනිශ්චය සභාවේ සාක්කි දෙමිනි.
 
වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු ප්‍රමිතිය ගැන සැලකිලිමත් විය යුතු බව කී සිවාජලිංගම් මහතා ප්‍රමිතිය දෂමයකින් හෝ අඩුනම් ඊට අවසර නොදිය යුතු බව ද කීවේය.