රංජන් කස්තුරි
පෞද්ගලික රෝහල්වලින් අයකරන සියයට 15 වැට්බද්ද ජූලිමස 01 වැනිදින සිට අහෝසිකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යංශයේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකදී පැවසීය.
ඒ අනුව පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකුගේ සේවය ලබාගැනීම (චැනලින් ගාස්තු) ශල්‍යකර්ම හා වෙනත් සේවා මත අයකරන සියයට 15 වැට්බද්ද අහෝසි වන අතර රෝගියකු පෞද්ගලික රෝහලක නතර වී සිටින අවස්ථාවේදී අයකරන කාමර ගාස්තු මත වන වැට්බද්ද තවදුරටත් අයකරන බවද මුදල් ඇමතිවරයා එහිදී සඳහන් කළේය.