(නිමල කොඩිතුවක්කු)
සියලුම පෞද්ගලික බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය.
මෙරටට ගෙන්වන ඩීසල් වල ගුණාත්මක භාවය පිළිගත හැකි මට්ටමක නොමැති නිසා වාහන වල දුම් පරීක්ෂාව ප්‍රායෝගික නොවන බැවින් මෙම පියවර ගත් බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගත් බවත් ඒ සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගන්නා බවත් කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් විජේරත්න මහතා පැවසීය.
ලංගම බස් රථ සහ රාජ්‍ය වාහන වල දුම් පරීක්ෂණ පැවැත්වීම ක්‍රමවේදයක් නොමැති බවත් පෞද්ගලික බස් රථ සඳහා දුම් පරීක්ෂාව අනිවාර්්‍යය කරන්නේ නම් ලංගම බස් රථ සඳහාද එම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු කීවේය.

