තරිඳු ජයවර්ධන
පෞද්ගලික පාසල් සිසුන්ට උසස් පෙළ විභාගයට පෞද්ගලික අපේක්ෂකයන් ලෙස අයදුම්කරන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් කර ඇති දැනුම්දීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරුණු විමසීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකාදීපයේ පළ වූ ප්‍රවෘත්තියක් පාදක කරගෙන පැමිණිල්ලක් නොමැතිවම විමර්ශනයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ අයදුම්පත් පාසල් මට්ටමින් යොමු කිරීම මීට පෙර සිදුවූ අතර මෙවර ප්‍රථම වරට එය වෙනස්කරමින් සිසුන්ට පෞද්ගලික අපේක්ෂකයන් සේ අයදුම්කර කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇත.
ඉදිරියේ දී සියලුම පාර්ශ්ව කැඳවා විමර්ශනය සිදු කරන බව ද මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

