ජාතික වගකීම් සපුරාලීම සඳහා දෛනික නිල කාර්යයන්වලදී ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පෞද්ගලික උත්සව සඳහා ඇරියුම් නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරයි.
ජනතා වගකීම් සපුරාලීම සඳහා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටලු විසඳීමට ජනාධිපතිවරයා කැපවී ක්‍රියාකරන බවද ජනාධිපති මාධ්‍ය අංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එබැවින් උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍යය හා සාද වැනි අවස්ථාවනට සහභාගීවිමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපේක්‍ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා ආරාධනා නොකරන ලෙසට සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඇති ගෞරවය සහ ප්‍රසාදය නිසා බොහෝදෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථාවට එක්වන ලෙසට ජනාධිපතිවරයාට ආරාධනා කරන බවත් එම බැඳීම ජනාධිපතිවරයා මහත්සේ අගය කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්කර ඇත.
නිල කටයුතුවලින් බැහැරව තමාට ලැබෙන හැම පැයක්ම ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කැපකිරීමට ජනාධිපතිවරයා අධිෂ්ඨාන කරගෙන සිටින බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
(***)

