(නිමන්ති රණසිංහ)
කොටිකාවත්ත සෝමාදේවි විදුහල පිටුපස අංගනයට කුණු බැහැර නොකරන ලෙස කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කෝන්දේසි සහිත ආඥාවක් අද(21) නිකුත් කළේය.
කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව පෞද්ගලික ඉඩමකට අනවසරයෙන් කුණු දමා ඇති බව කියමින් එම ඉඩම හිමි 10 දෙනකු අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

