පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප ඉහළට


(ඩයනා උදයංගනී)

පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000 සිට 12,500 දක්වා ඉහළ නැංවීම සඳහා 2016 අංක 3 දරණ සේවකයින්ගේ අවම වේතන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

එහිදී පෞද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන්ගේ අවම දෛනික වැටුප ද රුපියල් 400 සිට රුපියල 500 දක්වා ඉහළ නැංවීම සඳහා ද පියවර ගැනීමට නියමිතය.

සේවකයන්ගේ අවම වේතන පනත යටතේ 2016 ජනවාරි 1 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000ක් විය යුතු බවටත් අවම දෛනික වැටුප රුපියල් 400ක් විය යුතු බවටත් නිර්දේශ කර තිබේ.

වර්තමානයේ පවතින ජීවන වියදමට අනුව එය ඉහළ නැංවිය යුතු බවට ජාතික කම්කරු උපදේශක සභාව නිර්දේශ කරනු ලැබ ඇති අතර එම නිර්දේශ සැළකිල්ලට ගනිමින් මෙම පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.