අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරයකින් තොරව අවට පාසල්වල සිසුන් ද සහභාගී කරගෙන පවත්වන්නට යන බව කියන පා ගමණක් නවත්වන්නැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අධ්‍යාපන ලේකම්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත.
එම පාගමන පෝෂණය ගැන දැනුම්වත් කිරීමට සංවිධානය කරන බව දැනගන්නට ඇති බවත්, අමාත්‍යංශ අවසරයකින් තොරව පිටපාසල් දරුවන් සහභාගීකරගෙන එලෙස පැවැත්විය නොහැකි බවත්, පෝෂණය ගැන දැනුම්වත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ වෙනම ශාඛාවක් ඇති බවත් ස්ටාලින් මහතා පවසයි.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා ද දැනුම්වත් කර ඇතැයි ඔහු කියයි.
මේ ගැන විමසීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

