
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර රජ පිහිල්ල මාවතේ සංචාරක හෝටලයක ලැඟුම් ගැනීමට පැමිණි පෝලන්ත ජාතික සංචාරක යුවළකට එම හෝටලයේ හිමිකරු පහරදුන් බව එම යුවළ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පෝලන්ත ජාතික එම සංචාරක යුවළට පහර දෙන අවස්ථාවේදී හෝටල් හිමියා අධික බීමතින් සිටි බව ද පැමිණිල්ලේ සඳහන් කොට තිබේ .
මාර්ගගත ක්‍රමය ඔස්සේ එම පෝලන්ත සංචාර යුවළ හෝටලයේ කාමරයක් වෙන්කරවා ගෙන ඇතත් අන්තර්ජාලයේ සඳහන් කර තිබූ පහසුකම් එම හෝටලය තුළ නොමැතිවීම හේතුවෙන් ඔවුන් එහි නවතන් ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය අතරතුර එම සංචාරක යුවළට පහර දුන් බවට ඔවුන් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ .
එම යුවළට පහර කියන හෝටල් හිමියෙකු සොයා මහනුවර සංචාරක පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .

