පෝෂණ මල්ලේ කුණු බිත්තර?


අරණායක   ගැබිනි මව්වරුන්ට ලබා දුන් පෝෂණ මල්ලේ නරක් වූ බිත්තර තිබූ බව ප්‍රදේශවාසීහු කියති.

අරණායක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ගැමුණු වික්‍රමසිංහ මහතා කීවේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නැති බවයි. පැමිණිලි ලදහොත් විමර්ශනයක් පවත්වන බව ද ඔහු කීවේය.