පොළොව යට බැලිය හැකි ස්කෑනරයක් අල්ලයි


(තරිඳු ජයවර්ධන)

නිධන් හැරීමට උපයෝගී කර ගන්නා බවට සැක කරන පොළොව යට ඇති දෑ නිරීක්ෂණය කළ හැයි නවීන් ස්කෑන් යන්ත්‍රයක් සහ ඇත්දල කොටස් කිහිපයක්  කොබෙයිගනේ නිවසකින් සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.


කොබෙයිගනේ පාසලක් අසල නිවසක නිධන් හෑරීමට පිඹුරුපත් සකසන බවට පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ.


එම නිවසේ තිබී සොයා ගත් ස්කෑනර් යන්ත්‍රය ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද අධි බලැති ස්කෑනර් යන්ත්‍රයක් බවත්, එමගින් පොළොව ඇතුළේ ඇති දෑ නිරීක්ෂණය කළ හැකි බවත් පොලිසිය පවසයි.


එම උපකරණයට අමතරව කළු ගල් කැපීම සඳහා භාවිතා කරන විශාල ප්‍රමාණයේ ග්‍රයින්ඩර් කටර් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.


මේ සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 29 තරුණයකු අත්අඩංගුට ගෙන ඇතැයි පොලිසිය කියයි.