(ක.ගකරුණාරත්න)
පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ හිඟුරක්ගොඩ සහ තමන්කඩුව යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බලපෑ වර්ෂාව සහ තද සුළඟ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 403ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
මේ හේතුවෙන් නිවාස112කට අර්ධ හානි සිදුව ඇති අතර එක් නිවාසයක් පූර්ණ හානියට පත්ව තිබේ.
තමන්කඩුව සහ හිඟුරක්ගොඩ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග‍්‍රාම නිලධාරී වසම් 15 කට මේ ආපදා තත්වය බලපා ඇතැයිද එහි වෙසෙන පවුල් ගණන 115ක් බවද දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නනායක්කාර මහතා අද(01* ප‍්‍රකාශ කලේය.
මේ අතර ඊයේ(30) පස්වරුවේ පැවැති වර්ෂාවත් සමඟ අකුණුසර වැදීමක් හේතුවෙන් පොලොන්නරුව කළහගල ප‍්‍රදේශයේ පිහිටි කලූගල් වැඩපලක වැඩ කරමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතිබවද ඒ මහතා කීවේය.
ඊට අමතරව තමන්කඩුව සහ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි මාර්ග රැුසකට සහ විදුලිය රැහැන් මතට ගස් කඩා වැටීම නිසා විදුලිය බිඳවැටීම් හා ගමනා ගමන අවහිරතා ඇතිවූ බවද වාර්තා විය.
සහන සේවකයින් සහ ප‍්‍රදේශයේ මහජනාව එක්ව එම ගස් කපා ඉවත් කිරීමට පියවර ගත් බවද උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කලේය.



