
(ඩබ්. ඒ. පියතිලක සහ නිමල් ජයරත්න)
කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වල සේවය කරන හෙද හෙදියන් මූණ දෙන ගැටළු සඳහා විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් සහ ගර්භණි හෙදියන් සේවයේ යෙදවිමට එරෙහිව අද (31) පොලොන්නරු මහ රෝහල ඉදිරිපිට ගර්භණි හෙදියෝ විරෝධතාවයක නිරත වූහ.
රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යැම සදහා නිළධාරින් සේවය යෙදවිම සදහා නිකුත් කර ඇති චක්‍රෙල්ඛණ උල්ලංඝනය වෙන අයුරින් පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පරිපාලනය කටයුතු කිරිම නිසා එයට එරෙහිව අද මෙම වෘත්තිය ක්‍රියා මාර්ගය ගෙන ඇතැයි ඔවුහු කීහ.
උද්ඝෝෂකයෝ පැයක පමණ කාලයක් පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිට විසිර ගියහ.
මේ සම්බන්ධයෙන් පොලොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් ගුණතිලක මහතාගෙන් අප කළ විමසීමකදී මෙසේ කීය.
හෙද කාර්ය මණ්ඩලය මගින් ඉල්ලීමක් කර නෑ. එක් වෘත්තිය සමිතියක් උද්ඝෝෂණය කළත් රෝහලේ හෙද කාර්ය මණ්ඩලයෙන් කොටසක් රාජකාරී කරනවා.




