( ක.ග කරුණාරත්න)
විද්‍යා විෂය ධාරාවට අමතරව කලා /වාණිජ විෂයන් ගෙන්ද හෙද සේවයට බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය වහාම වෙනස් කරන ලෙස හා 2016 වසරේ සිට පවතින හිඟ දීමනා ලබා දෙන ලෙසට බල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන රජයේ රෝහල්වල සේවය කරන හෙද හෙදියෝ අද(12) කෑම පැයේ දීප ව්‍යාප්තව පවත්වන ලද වර්ජනයට පොලොන්නරුව මහ රෝහලේ හෙද හෙදි කාර්ය මණ්ඩලද එක්වී සිටියහ.
හෙද සේවයේ උසස්වීම් ලබාදීමේදී මෙතෙක් අනුගමනය කළ කාලසීමාව දීර්ඝ කර ඇති හෙයින් එය වසර 05 දක්වා අඩු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.
පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට පැවැති මෙම වර්ජනය සමස්ත ලංකා හෙද සංගමය ප්‍රමුඛ හෙද සංගම් ඒකාබද්ධව සංවිධානය කර තිබුණි.