පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද නාමල්ගම සහ පුල්ලෙයාර්අඩි ප්‍රදේශය අඩි දෙකක් පමණ ජලයෙන් යටවීම නිසා 27 වැනිදා සවස සැහැල්ලු වාහන ගමනාගමනයට බාධා ඇතිවූ බව වැලිකන්ද පොලිසිය කියයි.
වැලිකන්ද සියඹලාගස්වැව වාන් දැමීම හා මාදුරු ඔය, කුඩා ඔය පිටාර ගැලීමත් මේ තත්ත්වයට හේතු විය.




