
(නිමල් ජයරත්න)
පොලොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපල තුළ විදුලිසර වැදී වන අලියෙකු අද (4) මියගොස් ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව ඒ පිළිබඳ පොළොන්නරුව වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂක පී.පී.කේ පතිරන මහතා අප කළ විමසීමේදී පැවසීය.
පොළොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව නගරය මාර්ගයේ බීජ ගොවිපලට අයත් නිල නිවස වටා භූමියට යොදා ඇති අනාරක්ෂිත විදුලි වැටකින් විදුලිය වැදීම හේතුවෙන් මෙම වන අලියා මිය යන්නට ඇති බවට වනජීවිය සැක පළ කරයි.
මෙලෙස විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති වන අලියා අවුරුදු තිස්පහක් පමණ වයසති අලියකු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන පොළොන්නරුව වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් සඳහන් කරයි.
පොළොන්නරුව වනජීවී නිලධාරීන් සහ පොලිසිය එක්ව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.


