පොහෝ දිනයේ කුකුළු මස් කොළපාට වෙලා


(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

දුරුතු පොහෝ දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පිහිටි ආපනශාලාවක දහවල් ආහාර වේල සඳහා පිළියෙල කළ තිබූ කෑම පැකැට්ටුවල ඇති කුකුල් මස්  කොළ පැහැති වර්ණ ගැන්වීම නිසා ආහාරය ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත් වී ඇත.

ආපන ශාලා හිමිකරු ගෙන් මේ බව විමසීමේදී පවසා සිටියේ  අත්වැරදීමකින් එලවලු පිසින අවස්ථාවේ යොදා ගන්නා කොළ පැහැති කෘතිම රසකාරක මස් ව්‍යංජනයට එක්කර ඇති බවයි