පොහොර සැඟවූ මීරිගම ගබඩා දෙකකට සීල්


(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොර සගවා  තිබූ ස්ථාන දෙකක් වටලා එම ගබඩාවලට මුද්‍රා තැබූ බව පරිභෝගික අධිකාරිය කියයි.

කල්එළිය සහ මීරිගම ප්‍රදේශයේදී පොහොර කිලෝ 51,110 ක් සමග වෙළඳසල් හිමියා අත් අඩංගුවට ගනිමින් අද සවස එම ගබඩා දෙකට මෙලෙස මුද්‍රා තැබීමට මෙලෙස පියවර ගනු ලැබූහ.

පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාට ලැබී ඇති තොරතුරක් මත මෙම වැටලීම් සිදු කළ අතර පොහොර වෙළෙන්දාගේ මීරිගම වෙළඳසලෙහි පොහොර කිලෝ 1100 ක් සහ කල්එළිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ගබඩාවක තිබු කිලෝ 50,000 ක් අත් අඩංගුවට ගනිමින් ස්ථාන දෙකට මුද්‍රා තැබූහ.