
(නවරත්න සමරතුංග)
රුපියල් 1500 පොහොර මිටි රුපියල් 4000 අලෙවිකළ පොහොර ගබඩාවක් වටලා එම ගබඩාවේ තිබූ පොහොර කල්මුණේ ප්‍රදේශයේ ගොවීනට බෙදා දිමට අම්පාර පාරිභෝගික සේවා අධිකාරිය අද පියවර ගත්තේය.
පොහොර මිටි තොගයක් සඟවා තබාගෙන පොහොර හිඟ යැයි පෙන්වමින් අධික මිලකට අලෙවි කරන බවට ජාතික ගොවි සංවිධාන ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කළේය.
රජය විසින් රසායනික පොහොර ආනයනය කිරීම නතර කළ නිසා නැවත පොහොර ගෙන්වීම සිදු නොවන බව පවසා කළු කඩ කාරයන් උපරිම මිලකට තම පොහොර අලෙවි කර ගැනීමට මෙසේ පොහොර හිගයක් මවා පා ඇතැයි ගොවීහු චෝදනා කරති.


