පොහොර වලට උපරිම මිල සඳහන් ගැසට් පත්‍රයක්


(සුජිත් හේවාජුලිගේ) 


පොහොර වෙළඳපොළේ අලෙවි කළ හැකි උපරිම මිල සඳහන් කර ගැසට් පත්‍රයක් වහාම ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය අමාත්‍යංශ ලේකම්වරයාට අද (18) උපදෙස් දුන්නේය.


මේ අතර රජයට අයත් කොමර්ෂල් පොහොර හා ලක් පොහොර සමාගම් හි අද (18) උදේ නිරික්ෂණ චාරිකාවක යෙදුණූ කෘෂිකර්ම ඇමැතිවරයා එම සමාගම් පොහොර  බෙදාහැරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග විමසුමට ලක් කළේය.


කොමර්ෂල් පොහොර සමාගම සතුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 25841 ක් ද ටීඑස්පී පොහොර මෙට්‍රික් ටොන් 296350 ක් ද එම්.පී.ටී පොහොර මෙට්‍රික් ටොන් 754,000ක් ද ගබඩා කර තිබෙන බවත් ප්‍රාදේශීය ගබඩාවල පොහොර  මෙට්‍රික් ටොන් 14250 ක පොහොර තොග තිබෙන බවත් පොහොර සමාගම් ප්‍රධානීන් එහිදී ඇමැතිවරයාට දැනුම් දී ඇත.