දිලීප් ජයසේකර
‘ගොවියාට නිසි වෙලාවට පොහොර ලබා දීමේදී යම් ප්‍රමාදයක් සිදු වුවා. රජයක් විදියට අපි එහි වගකීම ගන්නවා. මේ වන විට රටේ පොහොර හිගයක් නෑ. නැවත මේ රටේ පොහොර හිගයක් ඇති වෙන්න දෙන්නෙත් නෑ.‘ යැයි මහවැලි රාජ්‍ය අමාත්‍ය හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසිය.
අමාත්‍ය වරයා මේ බව පැවසුවේ අද (07) හම්බන්තොට අන්දරවැව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිණි.
එහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය වරයා මෙසේද පැවසිය.
මේ රජය පත් වීමෙන් පසු එක සැරේටම ඉන්ධන හිගයක් වගේම පොහොර හිඟයකුත් ඇති වුණා.රජයක් විදියට අපි පොරොන්දු වෙනවා මින් ඉදිරියට එවැනි දෙයක් සිදු නොවන බවට. ඒ වගේම කියන්න ඕනේ රට තුළ හදිසියේ ඉන්ධන හිඟයක් වගේම පොහොර හිගයක් ඇතිවිම පිටුපස කිසියම් කුමන්ත්‍රණකාරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුව ඇතිද යන්න පිළිබදව සොයා බැලිම කෙරෙහිත් රජයේ අවධානය යොමු වෙලා තියෙනවා.
ඒ වගේම කියන්න ඕනේ මේරට ඉතිහාසයේ මහා පිරිමාන හොරකම වන බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පළමුවෙන්ම මේ රටට හෙළිකලෙත් මමයි. එතැන් පටන් විවිධ පාර්ශව මේ සම්බන්ධයෙන් කතා කලා. අන්තිම ජනාධිපති වරයා විසින් මෙය විමර්ශනය කරන්න ජනාධිපති කොමිසමක් පත් කලා. එතකොට විපක්ෂයේ ඉදන් ඔය කෑ ගහන අය කිව්වේ බැදුම්කර හොරකම යට ගහන්න හංගන්න කොමිසමක් දැම්මා කියලා. දැන් අද මොකද වෙලා තියෙන්නේ. අද කොමිෂමේ වාර්තාවත් ජනාධිපති වරයාට බාරදීලා වැරදි කරුවන්ට දඩුවම් කරන්නත් නිර්දේශ ඉදිරිපත් වෙලා තියෙනවා. කොමිෂමක් දමලා යට ගහනවා කිව්ව බැදුම්කර හොරකම අද එළියට ඇවිත්.ඒකට සම්බන්ධ වෙච්ච අයගේ රෙදිත් ගැලවිලා ඉවරයි දැන්.මේ හොරකමට සම්බන්ධවෙච්ච අයට අධිකරණයකින් කෙසේ වෙතත් මේ රටේ ජනතා අධිකරණය ඉදිරියේ නම් වැරදි කරුවන් වි හමාරයි.
බැදුම්කර හොරකම විතරක් නෙමෙයි මේ රටේ සිද්ධ වෙච්ච තවත් මහා හොරකම් රැසක් තියෙනවා. මිහින් ලංකා හොරකම, එයා ලංකා මගඩිය ඇතුළු හොරකම් රැසකම තොරතුරු හෙට අනිද්දා වෙන කොට මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන්. ඒවාට සම්බන්ධ හොරුන් කවුරුන්ද කියලත් ජනතාවට දැනගන්න පුළුවන්. සුදු පිරුවට ඇඳගෙන මහජන මුදල් කොල්ල කන පිරිස් වෙත වත්මන් ජනාධිපතිතුමාගෙන් නම් කිසිදු සමාවක් නෑ කියන එකත් අපි කියන්න ඕනේ.‘

