
(චාපා මධුභාෂිණි)
පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිසෝබණ්ඩාරයේ 1 බී යාය ප්‍රදේශයේ යළ කන්නයේ කාබනික පොහොර යොදා වගා කළ බඩඉරි වගාවක් අසාර්ථ වී ඇති බව පවසමින් එහි හිමිකරුවන් විසින් බඩඉරිඟු වගාවට ගිනි තබා විනාශ කරනු ලැබීය.
ගොවීන් විශාල පිරිසක් අක්කර 4 වැඩි භූමි ප්‍රමාණයක වගා කළ මෙම වගාවෙන් සියයට 10ක්වත් අස්වැන්න නොලැබුණු බව ඔවුහු පවසති.
තම වගාවේ ඵළදාව නොමැති කමින් විශාල මුදලක් වැය කිරීම නිසා තමා දැඩි සිත් තැවුලට පත්ව ඇතැයි ද දැඩි ලෙස පීඩාවට පත්ව සිටින එම ගොවීහු පවසති.
බී.ජ කිලෝවක් සඳහා රුපියල් 7000ක පමණ මුදලක් වැය කළ බවත් භූමිය සකස් කිරීමට විශාල මුදලක් වැය කළ බවත් ගොවීහු චෝදනා කරති. වගාවේ කොටසක් කිරි ගවයන්ට ආහාර සඳහා දෙන බව ද ගොවිහු කියති.
බීජවලට වැය කළ මුදලවත් වගාවෙන් සොයා ගත නොහැකි වූ බව කියයි.


