(මනෝප්‍රිය ගුණසේකර )
සිමාසහිත පොහොර සංස්ථාවට අයත් රුපියල් 367500 ක් වටිනා පොහොර තොගයක් සාවද්‍ය පරිහරණය කිරීමට තැත් කිරිමේ චෝදනාවට වරදකරු වු කන්ටේනර් රථ රියදුරෙකුට කොළඹ මහා අධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර තුනක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය.
ඊට අමතරව රුපියල් ලක්ෂ 4 ක දඩයකට ඔහු යටත් කළ විනිසුරුවරයා දඩ මුදල නොගෙවන්නේ නම් අවුරුද්දක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් නියම කළේය.
මෙලෙස සිර දඬුවම් නියම වුයේ කන්ටේනර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ ප්‍රියන්ත ප්‍රියදර්ශන නැමැත්තාටය.
ඔහු සමඟම චෝදනා ලැබ සිටි එම කන්ටේනර් රථයේ රිය සහයක උපුල් ප්‍රියංකර නැමැත්තාට එරෙහි චෝදනා පැම්ණිල්ල විසින් සධාරණ සැකයෙන් තොරව ඔප්පු කර නැති බවට තිරණය කළ විනිසුරුවරයා ඔහු නිදොස් කර නිදහස් කිරීමට ද නියම කළේය