( තිළිණි ද සිල්වා සහ රන්ජන් කටුගම්පොළ )
පළාත් පාලන මැතිවරණයේදී පානදුර, මහියංගනය,අගලවත්ත, තිරප්පනේ, වැලිගම, යන පළාත් පාලන ආයතනයන් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 5 ක් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ඉවත දමන ලදී.
පෙත්සම් විභාගයට නීතිමය පදනමක් නොමැති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණ මෙම පෙත්සම් ඉවත දමන ලදී.
විනසුරු කේ.ටී චිත්‍රසිරි , බුවනෙක අළුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.

