(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (11) මුණගැසුණහ.
රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා එම මන්ත්‍රීවරුන්ට මෙහිදී දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළත් එය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නොවන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ වසන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

