පොහොට්ටුවේ තීරණය කී පසු ගොඩක් අයගේ තීරණය එළියට


(අංජුල මහික වීරරත්න)

ආර්ථික අර්බුදයෙන් රට බේරාගත් නායකයා සමග ඉදිරියට යනවාද? වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද? යන කාරණය පොදු ජන පෙරමුණ ප්‍රකාශයට පත්කළ පසු පක්ෂය සමග ඉදිරියට යනවාද? පෞද්ගලික මතයට ඉඩ දෙනවාද? යන්න පොහොට්ටුවේ බොහෝ දෙනෙක් තීරණය කරනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

"පක්ෂයද? අපේ පෞද්ගලික මතයද? කියන එක ඒ කාලේදී පක්ෂය ඇතුලේ ඉන්න අය තීන්දු කරනු ඇතැයි ද" රණතුංග මහතා කීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී රට ගැන සිතනවා නම් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත් නායකයකුට සහාය පළ කිරීම සියලු දෙනාගේම යුතුකම සහ වගකීම බව  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාමත් කඩිනමින් ඒ පිළිබඳ අවසන් තීරණයකට එනු ඇති බවද රණතුංග මහතා සඳහන් කළේය.        මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ  පාසල් පොත් ලබාදීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ  ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අද (30) ඇමතිවරයා මේ බව සඳහන් කළේය.