පොහොට්ටුවේ පෙත්සම් අට 15 වැනි දා කැඳවයි


(මනෝප්‍රිය ගුණසේකර)
 
පළාත් පාලන මැතිවරණයේ දී සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පවරා ඇති පෙත්සම් 8ට ලබන 15 වැනි දා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
 
මහරගම නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට  එරෙහිව පවරා ඇති නඩුව එල්.ඩී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු අවස්ථාවේ ඒ බව දැනුම් දුන්නේය.