( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොල )
පළාත් පාලන මැතිවරණයේදී මහරගම, මහියංගනය, බුත්තල, කොළඹ, පානදුර, අගලවත්ත, කින්නියා, තිරප්පනේ, වැලිගම, බදුල්ල ඇතුළු පළාත් පාලන ආයතන 14 කට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් 14 සළකා බැලීමට ලබන 24 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේය.
මෙම පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ අද (19) කැඳවිණි.
පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා අභියාචනාධිකරණය හමුවේ කියාසිටියේ මෙම පෙත්සම් අතර පවතින මහරගම නගර සභාවේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවය.

