(නාලක සංජීව දහනායක)
ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ හා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අනුසංවිධාන රැසක් ජාතික සම්මේලන පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව ලබන 24 වැනිදා සිට සැප්තැම්බර් 4 වැනිදා දක්වා එම සම්මේලන පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සම්මේලනය ලබන 24 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වෙන අතර 31 වැනි සෙනසුරාදා පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ සම්මේලනය කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්වෙන අතර ත‍්‍රීරෝද රථ රියදුරු සංවිධාන හමුව එදින සවස 2.30 ට එහිදීම පැවැත්වෙන බවද ඔහු කීය.
එමෙන්ම සැප්තැම්බර් 1 වැනිදා පෙරවරු 11.00ට පෙර පාසල් ගුරුවරුන්ගේ සම්මේලනය පැවැත්වෙන අතර එදින පස්වරු 3.30ට පෞද්ගලික බස්රථ හිමියන්ගේ සම්මේලනය පැවැත්වේ.
සැප්තැම්බර් 2 වැනිදා පෙරවරු 10.00ට ප‍්‍රගතිශීලි වෘත්තීය සමිති ජාතික සංවිධාන සම්මේලනය පැවැත්වෙන අතර එදින පස්වරු 2.00 ට පළාත් පාලන අපේක්‍ෂක හමුව පැවැත්වේ.
සමෘද්ධි වෘත්තීය සමිති නියෝජිත හමුව සැප්තැම්බර් 3 වැනිදා පෙරවරු 10.00 ට පැවැත්වෙන අතර එදින පස්වරු 2.30 හෙද නිලධාරී හමුව පැවැත්වේ.
සැප්තැම්බර් 4 වැනිදා පෙරවරු 10.00 කුඩා තේවතු හිමියන්, රබර් වගාකරුවන් හා සුළු අපනයන බෝග වගාකරුවන්ගේ සම්මේලනය පැවැත්වෙන අතර එදින පස්වරු 3.30 ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හමුවක්ද පැවැත්වීමට නියමිතය.
මෙම සම්මේලන සියල්ලම ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදි පැවැත්වේ.

