පොහොට්ටුවට ඡන්දය දුන්නේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරන්නයි


අජන්ත කුමාර අගලකඩ
 
ඉකුක් පළාත් පාලන මැතිවරණයේ දී සිදුවුයේ ජනතාව පොහොට්ටුවට  ගමේ බලය ලබාදීමට වඩා ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කිරිම යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (3) බත්තරමුල්ල  අපේ ගම  පරිශ්‍රයේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.


බණ්ඩාරනායක මහතාගේ ආර්ථික වැඩපිළිවෙළ ආණ්ඩුව තුළ ක්‍රියාත්මක නොවන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ.


ශ්‍රීලනිප ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරිම සඳහා ඉලක්ක ගත වැඩපිළිවෙළක් ඔස්සේ ප්‍රතිසංවිධානය කරන බව සඳහන් කර ඇත.