(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්ෂය හා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ බලවේගය අතර ජාතික සන්ධානයකින් ආණ්ඩුව පිහිටුවා පාර්ලිමේන්තුවේ හා නිල විපක්ෂය ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගත යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පොහොර සහනාධාර, සමෘද්ධි සහනාධාර, පාලම් බෝක්කු තැනීම්, ඇමති මාරු කිරීම් ආදියෙන් ඔබ්බට ගිය, ජනතාවගේ වේදනාවට ප‍්‍රතිචාර දක්වන යෝධ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් ඉදිරි මාස 18 තුළ වහා සිදු විය යුතු බව ද අමාත්‍යවරයා පවසයි.
මෙම ජාතික අවශ්‍යතාව ඉටු කිරීමට තරම් දෙපාර්ශවයේම නායකයින් දූරදර්ශී විය යුතු අතර එය පිළිගැනීමට සියළු දෙනා නිහතමානී විය යුතු යැයි ද අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර තිබේ.
ජාතික හෙළ උරුමය කිසි විටෙකතත් ජනතාවගේ අභිලාෂයන් බිඳ දැමීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා කියා සිටී.