පොහොට්ටුව මහරගමින් හැළෙයි


(රංජන් කස්තුරි)

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම මහ නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වී ඇතැයි එම පක්ෂ ආරංචි පවසයි.

නිවැරදි කාන්තා නියෝජනය නොමැතිවීම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් මෙම නාමයෝජනාවලිය ප්‍රතික්ෂේප වී ඇතැයි කියති.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දෙහිඅත්තකණ්ඩිය පදියතලාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වී ඇතැයි එම පක්ෂයේ ආරංචි පවසයි. 

බලයලත් නියෝජිතයා හැර වෙනත් අයකු නාම යෝජනා බාරදීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවත් වැලිගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවද එම හේතුව නිසා ප්‍රතික්ෂේප වී ඇති බවත් වාර්තා වේ.

මේ අතර පානදුර හා අගලවත්ත ප්‍රදේශවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුද ප්‍රතික්ෂේප වී ඇත.