පොහොට්ටුව දිස්ත්‍රික් 3කට ඇප මුදල් තැන්පත් කරයි


(රංජන් කස්තුරි/ තිලකරත්න දිසානායක/ ටෝනි කරුණානායක)

පළාත් පාලන මැතිවරණයට අද(27) නාම යෝජනා කැඳවීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක තුනක ආසන 16ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.

ඒ අනුව එම පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, හොරණ, බේරුවල යන නගර සභාවන්ට සහ බණ්ඩාරගම හා අගලවත්ත යන ප්‍රාදේශීය සභාවන්ට ද ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව, අම්බලන්ගොඩ යන නගර සභාවන්ට හා බලපිටිය, අක්මීමන, නෙළුව යන ප්‍රාදේශීය සභාවන්ට ඇප මුදල් තැන්පත් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල, මිනුවන්ගොඩ, වත්තල-මාබෝල සහ පෑලියගොඩය යන නගර සභාවන්ට හා වත්තල, බියගම යන ප්‍රාදේශිය සභාවන්ට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඇප මුදල් තැන්පත් කෙරිණි.