
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සහ අනු සංවිධාන පහක් සඳහා ජාතික කැඳවුම්කරුවන් පත්කිරීම කොළඹ දී අද (24) සිදුවිය.
ඒ අනුව පොදුජන ප්‍රගතිශීලි සේවක වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ ජාතික කැඳවුම්කරු ලෙස තේනුක විදානගමගේ, පොදුජන උපාධිධාරී සංවිධානයේ ජාතික කැඳවුම්කරු ඉසුරු දොඩංගොඩ,පොදුජන ධීවර හා ජලජ සම්පත් පෙරමුණේ ජාතික කැඳවුම්කරු- ඩී.වී. උපුල්, පොදුජන තරුණ පෙරමුණේ ජාතික කැඳවුම්කරු - ජොහාන් ප්‍රනාන්දු, පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ ජාතික කැඳවුම්කරු - තුෂාරි සූරියආරච්චි මහත්ම මහත්මීහු පත්වීම් ලබා ගත්හ.
පොදු තැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.



																	
																	
																	
																	
																	
																	