පොහෙට්ටුවේ ජයග‍්‍රහණයෙන් පසු ප‍්‍රචණ්ඩත්වය වැඩිවෙලා - පාඨලී


ඩයනා උදයංගනී
      
පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණයෙන් පසු සෙසු පක්‍ෂවලට එරෙහි ප‍්‍රචණ්ඩත්වයක් ආරම්භ වී ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
      

පසුගිය ජනාධිපතිවරණයෙන් හෝ මහ මැතිවරණයෙන් පසු රටේ මෙවන් තත්ත්වයක් ඇති නොවූ බව ද අමාත්‍යවරයා කීවේය. 
      
නමුත් මෙම මැතිවර්ණයෙන් පසු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නඩු හබ පවා ඇති පිරිස් රජයේ කටවුට් විනාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණට සහය දුන් අයට තර්ජනය කිරීමට හා පහරදීමට ද පටන් ගෙන ඇතැයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
      
මෙවන් පිරිසකට බලයක් ලැබුණහොත් ඔවුන් කෙසේ හැසිරෙයිද යන්න එයින් පැහැදිලි වන බව කී අමාත්‍යවරයා කී අමාත්‍යවරයා ඇතැමුන් පැරණි අ`දුරු යුගයට රට ගෙනයාමේ උත්සාහයක නිරත වී සිටින බවද සඳහන් කළේය.
 
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ මහරගම නගර සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණින් තරඟ කළ අපේක්‍ෂිකයින්ගේ විශේෂ හමුවක් අමතමිනි.
      
මෙම මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන්හි නිරත වූවන් සම්බන්ධයෙන් ශක්තිමත්ව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස සියළුම නීති අංශවලින් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.