පොසොන් සඳ පෙනි පෙනී බණ පොත් දෙකක් වනසයි


මිරිහානේ මුද්‍රණාලයක් කඩා මුද්‍රණයට සූදානම් කර තිබූ බණ පොත් දෙකක දත්ත ඇතුළත් ඇලුමිනියම් තහඩු 12ක් සොරකම් කළැයි මුද්‍රණාල ශිල්පියකු සහායකයකු හා ලොරියක් අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.

උතුරු කළුතර පදිංචි බව කියන සැකකරු මීට පෙරද මුද්‍රණාල 7ක් කඩා මෙලෙසින්ම තහඩු පරණ යකඩ බඩු වෙළෙන්දන්ට විකුණා ඇතැයිද මිරිහානේ සොරකමින් මුද්‍රණාලයට වූ අලාභය රුපියල් දොළොස් ලක්ෂයක් බවද පොලිසිය පවසයි.