මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුයට, මිහින්තලයට සහ තන්තිරිමලයට ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරින් තුන් දහසක් පමණ යොදවා ඇති බව අනුරාධපුර කොටිඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල වීරසිංහ මහතා පැවසීය.
වැව් ආශ‍්‍රිතව ජීවිතාරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 650 ක් ද ආවේෂන රාජකාරි සදහා පොලිස් නිළධාරින් 500 ක්ද යෙදවා ඇති බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොසොන් උත්සව සමයේ නීති විරෝධි ක‍්‍රියා වල නියැලෙන්නන් අත් අඩංගුවට ගැනිමට තවත් පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද කීය.
මත් ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය පරික්ෂාවට පොලිස් නිල සුනඛයින්ද කැඳවා ඇති බවත් ආගමික මුහුණුවරකින් ඔබ්බට යමින් විකාර රූපි රංගනයන් වල නියැලෙන පිරිස් අත් අඩංගුවට ගන්නා බවද කීවේය. වැව්වල ජලය පිරී ඇති බැවින් දියනෑම සඳහා වෙන්කර ඇති විශේෂිත ස්ථානවලින් පමණක් වැව්වලට බැසීම සුදුසු බවද පොලිසිය පවසයි.
මෙවර පොලිස් උත්සවයේ සියලු ආරක්ෂක කටයුතු උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුවර්ධන සහ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවේ.
පෙර වර්ෂ වල මෙන් වී.අයි.පී සහ වී.වී.අයි.පී විශේෂ ප්‍රෙව්ශ පත‍්‍ර නිකුත් නොකරන බවද වීරසිංහ මහතා කීවේය.
පොසොන් සතිය තුළ අනුරාධපුර පූජා නගරයේ දුම්වැටි හා මත්පැන් අලෙවිය මෙන්ම මත්පැන් පානයද මුළුමනින්ම තහනම් කර ඇති බවත් පොලිසිය කියයි.

