( උපාලි ආනන්ද)
ලංකා රාජ්‍ය පෝස්පේට් සමාගමේ එප්පාවල වැඩ බිමෙහි පිහිටි ඇඔරුම් යන්ත‍්‍රයක් සදහා ගියර් පද්ධති ද්විත්වයක් විදේශයකින් ආනයනය කිරීමේදි නියමිත ක‍්‍රමවේදය අනුගමනය නොකරමින් ඊට එරෙහිව යමින් රුපියල් ලක්ෂ 18ක මුදලක් වැය කිරීමේ චෝදනාවක් සමිබන්ධයෙන් ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි යූ. එස්. ජී. පී. සූරියආරචිචි මහතාගේ සේවය අත් හිටුවා තිබේ.
රාජ්‍ය පොස්පේට් සමාගමේ සභාපති උපාලි අනුරාධ දිසානායක මහතා විසින් එම තීරණය ගෙන ඇති අතර ඇඔරුම් යන්ත‍්‍රයකට අදාල ගියර් ද්විත්වයක් ආනයනය කිරීමේදී නිසි ක‍්‍රමවේදයෙන් බැහැරව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කටයුතු කර ඇති බවට විගණන නිලධාරි ධමිමික තිලකරත්න මහතා සිදු කළ අභ්‍යන්තර විගණණ පරික්ෂණයකින් හෙළිකර ගත් තොරතුරු වලට අනුව වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයාගේ සේවය අත් හිටුවීමට පියවර ගෙන ඇත.

