එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණූගම මහතාගේ ජන්ද පෝස්ටර් තලාතුඔය බූටාවත්ත හංදියේදි අලවමින් සිටියදී අද (23) දින අලුයම 4.20 ට පමණ සැකකරුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.
පෝස්ටර් ඇලවිම සදහා පැමිණි කැබ් රථය හා පෝස්ටර් තොගයක් ද අත් අඩංගුවට ගත් බවත් සැකකරුවන් හන්තාන,වතුවල,පල්ලේගම,හන්තාන පාර මහනුවර පදිංචිකරුවන් බවත් මෙම සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද තලාතු ඔය පොලිසිය කියයි.
ඡායාරූප - චමිල් රූපසිංහ

![L_3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/L_31.jpg)
![L_5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/L_51.jpg)
![L_6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/L_61.jpg)
