
(මදුශානී අබේසිංහ)
පොළොන්නරුව මඩකලපළපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද සුසිරිගම ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වැලිකන්ද සුසිරිගම ප්‍රදේශයේ පදිංචි 31 වියැති එක්දරු පියකු වන ඉශාන් මධුසංක සහ අංක හොරගොල්ල,වෙලන්ගහ වත්ත, 59 වියති එච්.ඩබ්ලිව්.සේනාරත්න යන යුද හමුදාවේ විශ්‍රාමික සාජන් වරයකු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී යතුරු පැදිකරුවන් බීමත්ව සිටියේ දැයි පොලිසිය පරික්ෂණ සිදුකරයි.

