(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කෑම අහේනියට ලක්වූ දරුවකු ගැබිනියක් බව ප්‍රකාශ කර පසුව එය ඉල්ලා අස්කරගත් පොලොන්නරු දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇතැයි අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එසේ කරුණු විමසීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා බවද අගමැතිවරයා පැවසුවේය.
දරුවකුට ඕනෑම අයෙකුට අපහාස කිරීමට හෝ ජීවත්වීමේ අයිතිය අහිමි කිරීමට රාජ්‍ය නිලධාරියකුට අයිතියක් නැතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

