පොලීසියටත් ගහලා


මොරටුව ජාතික තාක්ෂණ ඩිප්ලෝමා ආයතන සිසුන් හා මොරටුව විශ්ව විද්‍යාල ඉංජිනේරු සිසුන් අතර ඇතිවූ ගැටුම සමතයකට පත් කරන්නට යෑමේදී මොරටුව පොලීසියට ද ගල්මුල් ප්‍රහාරයක් එල්ල වූ බව මොරටුව පොලීසිය කියයි.

බදාදා රාත්‍රී දහයයි තිහට පමණ ඇති වී ඇති මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලටත් දෙදෙනක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලටත් ඇතුළු කරනු ලැබූහ.

යතුරුපැදි දෙකක ගැටුමක් මේ සිද්ධියට මුල්වී ඇත.