සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාසල් සිසුවාට සහ දෙදරුපියාට කොටදෙණියාව පොලිසියේදී නිරුවත් කර පහරදී වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා 17 හැවිරිදි පාසල් සිසුවාගේ මව සහ විවාහක පුද්ගලයාගේ බිරිඳ අද (2) පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළෝය.
මෙම දෙදෙනා නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් සමග එහි ආහ.




